එජාප මැයි දින සැමරුම කොළඹ ටවුන්හෝල් පරිශ්‍රයේ පැවැත්වීමට තීරණය කරයි
එක්සත් ජාතික පක්ෂයේ මැයි දින උත්සවය කොළඹ ටවුන්හෝල් පරිශ්‍රයේ පැවැත්වීමට තීරණය කර ඇති බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් සඳහන් කරයි.
එක්සත් ජාතික පක්ෂ නායක සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) රැස්වූ කෘත්‍යාධිකාරී මණ්ඩලය මෙම තීරණයට එළඹ ඇති අතර එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ සියලු පක්ෂවල එකමුතුවෙන් පුළුල් පෙරමුණක් ලෙස මෙවර මැයි දින සැමරුම අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට තීරණය කර ඇති බවද එම පක්ෂ මහලේකම් අකිල විරාජ් මහතා ප්‍රකාශ කළේය.