එජාප විශේෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්විමක් අද
එක්සත් ජාතික පක්ෂයේ විශේෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්විමක් අද(16) පැවැත්විමට නියමිතව ඇත.
අද පස්වරු 05.00ට සිරිකොත පක්ෂ මූලස්ථානයේදී මන්ත්‍රී කණ්ඩායම් රැස්විම පැවැත්විමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා සඳහන් කළේය.
එමෙන්ම ඊයේ(15) විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් විශේෂ සාකච්ඡාවක් විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත් විය.
එම සාකච්ඡාවට සහභාගීවිමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා පවසා සිටියේ සජිත් ප්‍රේමදාස මහතාට නායකත්වය ලබා දෙනු ඇතැයි අපේක්ෂා කරන බවය.
