එජාපයේ තවත් 8 දෙනකුට ඇමැති ධුර ඉල්ලයි
එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ තවත් අට දෙනකුට කැබිනට් නොවන ඇමැති ධුර ලබාදෙන ලෙසට ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති බව එම පක්ෂයේ ප්‍රබල ඇමැතිවරයෙක් පැවැසීය.
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කැබිනට් නොවන සහ නියෝජ්‍ය ඇමැතිවරුන් උපරිම හතළිහක් විය යුතු අතර මේ වන විට තිස් දෙදෙනකු පත්කර ඇත. එහෙත් ව්‍යවස්ථාවේ කැබිනට් නොවන හෝ නියෝජ්‍ය ඇමැතිවරුන් උපරිම ප්‍රමාණයක් දක්වා නොමැති අතර උපරිම සීමාව පමණක් දක්වා තිබේ.
පුරප්පාඩු පවතින තනතුරු අට සඳහා කැබිනට් නොවන ඇමැතිවරුන් පත්කිරීමට නියමිත අතර ඒ සඳහා පාලිත රංගේ බණ්ඩාර, විජිත් විජයමුණි සොයිසා, ඒ.එච්.එම්. ෆවුසි, ලක්ෂ්මන් සෙනෙවිරත්න, පියසේන ගමගේ, සරත් ෆොන්සේකා, වසන්ත සේනානායක හා ආරුමුගම් තොණ්ඩමන් යන අයගේ නම් යෝජනා කර ඇත. ඊට අදාළ ජනාධිපතිවරයාගේ තීරණය තවත් සත් දෙනකුට ලබාදීමට නියමිත බවද වාර්තා වේ.
රංජිත් ගුණවර්ධන