News

එජාපයේ නව සන්ධානයට හකීම්-රිෂාඩ් සහ දිගම්බරන්ගෙන් කොන්දේසි

එජාප නව සන්ධානය සමග එක්වීම සඳහා කොන්දේසි ඉදිරිපත් කිරීමට දෙමළ ප්‍රගතිශීලී පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහ සමස්ත ලංකා මහජන කොංග්‍රසය තීරණය කර ඇත. අගෝස්තු මස 05 වැනි දින ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ ප්‍රකාශයට පත් කිරීමට පෙර ජනාධිපති ධුර අපේක්ෂකයා හෙළි කළ යුතු බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය අගමැතිවරයාට දැනුම් දී ඇත.

ජනාධිපති ධුර අපේක්ෂකයා නම් නොකර සන්ධානගත වීමෙන් ඉදිරියේ ගැටලු රැසක් ඇති විය හැකි බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක ඇමැති රවුෆ් හකීම්ගේ අදහස වී ඇත.

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ගිවිසුම අත්සන් කිරීමට පෙර වතු කම්කරුවන් සඳහා රජයෙන් ලබාදීමට නිර්දේශ කළ රුපියල් 50 වැටුප් දීමනාව ලබාදිය යුතු බව දෙමළ ප්‍රගතිශීලී පෙරමුණේ නායක ඇමැති පලනි දිගම්බරන් සහ වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක අතර පවතින කඹ ඇදිල්ලක් හේතුවෙන් මෙම මුදල ලබාදීමට නොහැකි වී ඇත.

ඇමැති රිෂාඩ් බදියුද්දීන් නායකත්වය උසුලන සමස්ත ලංකා මහජන කොංග්‍රසයද කොන්දේසි ඉදිරිපත් කිරීමට සූදානම් වන අතර ඒ පිළිබඳ අවසන් තීරණයකට එළැඹීම අද (3 වැනිදා) රාත්‍රි කොළඹ පැවැත්වෙන සාකච්ඡාවකදී සිදු කිරීමට නියමිතව තිබුණි.

2015 වසරේ ජනාධිපතිවරණය සඳහා මෙම දේශපාලන පක්ෂ තුනම කොන්දේසි විරහිතව ජනාධිපති ධුර අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේනට සහයෝගය ලබාදෙන ලදී.

උදයජීව ඒකනායක