එජාපයේ පසුපෙළ කටවහන්න වරදාන සහ වරප්‍රසාද
එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගෙන් ආණ්ඩුවට එල්ල වන චෝදනා හා බලපෑම් සමනය කිරීම සඳහා අමාත්‍යාංශ අධීක්ෂණ මන්ත්‍රීධුර හා ඉන්ධන පිරවුම්හල් බලපත්‍ර ලබාදී ඇති බව වාර්තා වේ.
ඒ අනුව එජාපයේ පසුපෙළ මන්ත්‍රීවරු දස දෙනකුට එසේ අමාත්‍යාංශවල අධීක්ෂණ මන්ත්‍රීධුර ලබාදී ඇති අතර එම අධීක්ෂණ මන්ත්‍රීවරයකුට රුපියල් ලක්ෂ දෙකකට ආසන්න වටිනාකමින් ඉන්ධන දීමනා ලබා දෙන බව වාර්තා වේ.
ඊට අමතරව තවත් පසුපෙළ මන්ත්‍රීවරුන් පහළොස් දෙනකුට (15) ඉන්ධන පිරවුම්හල් බලපත්‍ර ලබාදී ඇති බව එම පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරයෙක් සඳහන් කළේය.
රංජිත් ගුණවර්ධන