News

එජාපයේ වාර්ෂික මහා සම්මේලනයට හෙට

එක්සත් ජාතික පක්ෂයේ වාර්ෂික මහා සම්මේලනය හෙට (03) පැවැත්වීමට නියමිතව තිබේ.

එම සම්මේලනය කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

එහිදී එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට නිල වශයෙන් අනුමැතිය ලබාදීමට නියමිත බවට පක්ෂ ආරංචි මාර්ග සදහන් කරයි.