News

එළඹෙන ජනපතිවරණයේ එජාප අපේක්ෂකයා රනිල් බව ඇමති ගාමිණි කියයි

එක්සත් ජාතික පක්ෂයේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා කව්රුන්ද යන වග අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පවසයි.

අමාත්‍යවරයා ප්‍රකාශයක් සිදු කරමින් සඳහන් කළේ ඉදිරි ජනපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙසට තරඟ කරන බවයි.

ඉස්ලාම් ,හින්දු, දමිළ ජනතාව සමඟ භේද කරමින් මේ රටේ කිසි කෙනෙකුට ජනාධිපතිවරයෙකු වීමට නොහැකි බව අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා මාධ්‍යට ප්‍රකාශ කළේය.