News

එළවළු මිල ඉහළ යයි

දඹුල්ල විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ මෙන්ම කොටුව මැනිං වෙළඳපොලේද එළවළු ව්‍යාපාරිකයින් පවසන්නේ එළවළු තොග ලැබීම සීමා වීම හේතුවෙන් එළවළු මිල ඉහළ යාමට හේතුව බවයි.

කන්ඳ උඩරට ප්‍රදේශ වලින් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන කැරට් එළවළු කිහිපයක තොග මිල මෙන්ම පහතරට එළවලු වර්ග බොහොමයක තොග මිල ගණන් මේ දිනවල ඉහළ ගොස් ඇති අතර

වෙළඳුන් පවසන්නේ අයහපත් කාළගුණ තත්ත්වය මෙන්ම එළවළු තොග නොලැබීම මෙලෙස එළවළු මිල ගණන් ඉහල යාමට හේතුව බවයි.