News

ඕනෑම මැතිවරණයක් ජයග්‍රහණය කිරීමට සූදානම්

රටේ පවතින අස්ථාවර තත්ත්වය හේතුවෙන් රට සංවර්ධනය කිරීම සදහා ආණ්ඩුවට කිසිදු තීරණයක් ගත නොහැකි වී ඇති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසා සිටියි.

මාලිගාවත්ත කාල්ටන් පෙර පාසලේ පැවති උත්සවයකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පල කළේය.

මාධ්‍යවේදීන් කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කළේ ඕනෑම මැතිවරණයක් ජයග්‍රහණය කිරීමට තම කණ්ඩායම සූදානම් බවය.