News

ඖෂධ නිකුත් කිරිම ගැන ෆාමසිවලට විශේෂ දැනුම් දීමක්

වෛද්‍යවරුයෙකුගේ නිර්දේශ මත පමණක් ජනතාව වෙත ඖෂධ නිකුත් කරන්නැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සියලු ඖෂධහල් හිමියන්ගෙන් ඉල්ලීමක් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කර ඇත.

ඒ අනුව ඖෂධ වට්ටෝරුවක් රහිතව ජනතාව වෙත කිසිවෙකුටත් ‍ඖෂධ ලබා නොදිය යුතු බව සෞඛ්‍ය ජනරාල්වරයා අවධාරණය කර තිබේ.

මෙය ඖෂධ අධිකාරි පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බවද ‍එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.