News

කටාර් සිට විශේෂ ගුවන් යානයක් දිවයිනට

කටාර් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් සිටියදී, එරට හාම්පුතුන් අතින් විවිධ හිරිහැර , කරදර වලට ලක් ව, යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 273 දෙනෙකු අද (14) අලුයම දිවයිනට පැමිණ තිබේ.

කටාර් රාජ්‍යයේ දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 668 දරන විශේෂ ගුවන් යානයෙන් මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස කටුනායක ගුවන් තොටුපළ වෙත ගෙන්වා ගෙන තිබුණි.

මෙසේ ගෙන්වා ගත් පිරිස අතර වැඩි පිරිසක් කටාර් රාජ්‍යයේ ගෘහ සේවය සඳහා ගොස් යළි මෙරටට පැමිණීමට නොහැකිව සිටි කාන්තාවන් වේ.

පැමිණි පිරිස ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් නීරෝධායන ක්‍රියාවලිය සදහා රජයේ නීරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන ගොස් තිබේ.