කටුනායකදී රු. ලක්ෂ 36ක් වටිනා අයිස් කකුල් දෙක මැද්දෙන් හමුවෙයි
අයිස් නමින් සමාජ ව්‍යවහාරයේ පවතින, මෙතැම්පටමයින් යන විද්‍යාත්මක නාමයෙන් හදුන්වන භයානක ඝනයේ මත්ද්‍රව්‍ය තොගයක් ඉන්දියාවේ සිට මෙරටට රැගෙන පැමිණි ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් කටුනායක ගුවන් තොටුපොළේ දී අත් අඩංගුවට ගෙන තිබෙනවා.
මොහු ඊයේ (21) රාත්‍රී 10.00 ට ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 124 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.
ඔහු සිය දෙකකුල් අතරින්, සිය ලිංගික ප්‍රදේශය තුළ පාර්සලයක් ලෙස මෙම මෙතැම්පටමයින් මත්ද්‍රව්‍ය තොගය සගවා ගෙන, ඊට උඩින් සිය යට ඇදුම ඇද තිබුණා. මේ නිසා එම ප්‍රදේශය ස්වභාවික ප්‍රමාණයට වඩා මදක් පිම්බී තිබීම නිසා ඇති වූ සැකය මත පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් ඔහුව පරීක්ෂා කර තිබෙනවා.
එහිදී මෙතැම්පටමයින් ග්රෑම් 300 පොලිස් මත්ද්‍රව්‍ය නාශක නිලධාරීන් විසින් සොයාගෙන තිබුණා.
මෙම මෙතැම්පටමයින් ග්රෑම් 300යේ වටිනාකම රුපියල් ලක්ෂ 36 ක් පමණ වන බවයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ උසස් පොලිස් නිලධාරීවරයෙකු පැවසුවේ.
මීට පෙර අවස්ථාවකදී මෙම ව්‍යාපාරිකයා විසින් ඉන්දියාවේ සිට නීතිවිරෝධී ලෙස දුම්වැටි තොගයක් ද රැගෙන විත් කටුනායක ගුවන් තොටුපොළේ දී අත් අඩංගුවට පත් වී තිබුණා.
මොහු 52 හැවිරිදි කොළඹ , වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙක් වන අතර, ඔහු කුඩා කළ සිටම ගුවන් මගින් විදේශ රටවල සිට රෙදි – පිළි ගෙනැවිත් ශ්‍රී ලංකාව තුළ වෙළෙඳාම් කළ අයෙකු බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් සිදු කළ මූලික පරීක්ෂණ වලදී අනාවරණය කරගෙන තිබෙනවා.
මෙම ව්‍යාපාරිකයා අද (22) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර , දින 07 ක් කොළඹ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ මූලස්ථානයේ රදවා තබා ගෙන , දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් කටයුතු කරමින් සිටිනවා.