News

කටුවාපිටිය දේවස්ථානය යළි විවෘත කෙරේ

අප්‍රේල් මස 21 වැනි පාස්කු ඉරු දින ප්‍රහාරයට ලක්වූ කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය අද යළි විවෘත කෙරිණි.

ඒ මාස තුනකට පසුවය.

අද පෙරවරුවේ කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ විශේෂ දේව මෙහෙයක් ද පැවැත් වුණි.

අප්‍රේල් මස 21 වැනි පාස්කු ඉරුදින දේවස්ථාන තුනකට සහ කොළඹ තරු පන්තියේ හෝටල් 3 ක් ඇතුළු ස්ථාන 8 කට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලින් පුද්ගලයින් 250 කට අධික පිරිසක් මියගිය අතර 500 කට අධික ප්‍රමාණයක් තුවාල ලැබුවේය.