News

කඩු කිනිසි ආනයනය කළ සැකකරුවන් සම්බන්ධයෙන් පොලිස්පතිට උපදෙස්

කඩු කිනිසි සහ වෙනත් ආයුධ මෙරටට ආනයනය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස නීතිපතිවරයා පොලිස්පති වෙත උපදෙස් ලබා දී තිබේ.

සැකකරුවන්ට එරෙහිව නීතිය අනුව කටයුතු කරණ ලෙස පොලිස්පතිට නිනිපතිවරයා විසින් දැනුම්දුන් බව නීතිපති සම්බන්ධිකරණ නිලධාරිනිය වන නිශාරා ජයරත්න මෙනවිය පැවසුවාය.

කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් ඉදිරිපත් කර ඇති රිට් පෙත්සමට අදාළව එම උපදෙස් ලබාදී තිබේ.