කඩු සහ යතුරු පැදි සමග සිව්දෙනෙකු අත්අඩංගුවට
නාත්තන්ඩිය – මානිංගල ප්‍රදේශය තුළ කරන ලද සෝදිසි මෙහෙයුමකදී සැකකටයුතු පුද්ගලයින් සිව් (04) දෙනෙකු සහ තවත් දෑ අත්අඩංගුවට ගැනීමට යුධ හමුදාව සහ පොලීසිය සමත්වී ඇත.
26 වැනිදා පෙරවරුවේ මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරන ලදි.
එහිදී පුද්ගයින් 04 දෙනෙකු,යතුරු පැදි 04,ත්‍රී රෝද රථයක්,කඩු 02,සංයුක්ත තැටි 28 ක්,සැකකටයුතු පොත් 48 ක් සහ සගරා 07 ක්ද මෙහෙයුම සිදු කළ නිලධාරීන් තම බාරයට ගෙන ඇත.
ත්‍රී රෝද රථය මෙහෙයුම කරන ලද නිලධාරීන් විසින් තම බාරයට ගන්නා ලද්දේ මානිංගල ප්‍රදේශයේ පවත්වා ගෙන යන ආරාබි පාසල් තුළ තිබියදීය. යතුරු පැදි 04 හි අනන්‍යතාවය හෙලි කිරීමට එහි හිමිකරුවන් අපොහොසත් වී ඇත.
සැකකරුවන් සහ තම බාරයට ගත් දෑ මාරවිල පොලීසියට බාර දීමට යුධ හමුදාව කටයුතු කර ඇත.
පුත්තලම යුධ හමුදා කදවුරේ අණ දෙන නිලධාරී බ්‍රිගේඩියර් ධම්මික දිසානායක මහතාගේ මෙහෙයවීම යටතේ මෙම මෙහෙයුම සිදුකරන ලදි.
ජූඩ් සමන්ත