News

කථානායක පක්ෂ නායක රැස්වීමක් කැඳවයි

කථානායක කරූ ජයසූරිය මහතා විසින් පාර්ලිමේන්තුවේදී පක්ෂ නායක රුස්වීමක් කැදවා තිබෙනවා.

එය පෙරවරු 11.30ට ආරම්භවීමට නියමිතයි.

ඒ පාර්ලිමේන්තු සංකීර්ණයේ කථානායක නිල කාර්යාලය තුළදීයි.

එහිදී අද දිනයේ පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතයි.

එමෙන්ම විශ්වාසභංග යෝජනාව යළි අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිම සම්බන්ධයෙන් එම රැස්වීමේදී අවසන් තීරණයක් ගැනීමට නියමිත බවටයි තොරතුරු වාර්තා වන්නේ.