News

කථානායකගෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අවවාදයක්

පාර්ලිමේන්තුවේ අභිමානය සහ ගෞරවයට හානි වන ආකාරයේ වචන සභා ගර්භය තුළ භාවිතා කිරීමෙන් වලකින ලෙස කථානායක කරු ජයසූරිය මහතා අද (02) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අවවාද කර ඇත.

කථානායකවරයා මේ බව කියා සිටියේ රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොන් සිල්වා අතර ඊයේ ඇති වූ උණුසුම් කතාබහ පිළිබදව අද පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ අවස්ථාවේදීය.