News

Update : කථානායකගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීම ඇරඹෙයි

කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීම පෙරවරු 9.10ට පමණ ආරම්භ වුණා.

——————————————————————–

කථානායකගේ ප්‍රධානත්වයෙන් අද උදෑසන පක්ෂ නායක රැස්වීමක්

අද (23) දිනයේදී පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භවීමට ප්‍රථමයෙන් පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබෙනවා.

එම රැස්වීම කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වීමට නියමිත බවයි කථානායක මාධ්‍ය අංශය සදහන් කළේ.

අද උදෑසන 9.00ට පාර්ලිමේන්තු සංකීර්ණයේදි මෙම රැස්විම පැවැත්වීමට නියමිතයි.

එහිදී අද දිනයේ සභාවේ න්‍යාය පත්‍රය හා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සඳහා නියෝජිතයන් පත්කිරීම සම්බන්ධයෙන් මෙම පක්ෂ නායක රැස්වීමේදී සාකච්චා කිරීමට නියමිතව තිබෙනවා.