News

කථානායක ස්වාධින වන තෙක් පාර්ලිමේන්තු සභාවට යන්නේ නෑ

කථානායක කරු ජයසූරිය මහතාගේ හැසිරීම වෙනස් කරන තෙක් පාර්ලිමේන්තු සැසිවාර සඳහා සන්ධානය එක්නොවන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළ අතර ඔවුන්ගේ මතය නිරවුල්ව ඉදිරිපත් කරමින් සභා ගැබෙන් ඉවත් වූ බවද ඔහු සඳහන් කළේය. එසේම විධිමත් විශ්වාසභංග යෝජනාවක් ගෙන එන්නේ නම් ඒ සඳහා විධිමත් ලෙස මුහුණදීමට සූදානම් බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.