කදුළු ගෑස් ප්‍රහාරයට ගොදුරු වූ බොදුබල සේනා හිමිවරුන්ට ජනපතිගේ කණගාටුව
ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නියැලුනු බොදුබල සේනා සංවිධානයේ හිමිවරුන් පිරිසකට අද එල්ල වූ කදුළු ගෑස් ප්‍රහාරය ගැන ජනාධිපති සිය කණගාටුව පලකර තිබෙනවා.
මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් කරන ලෙසටත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් උපදෙස් ලබාදී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.
බොදුබල සේනා සංවිධානයේ මහා ලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ව නිදහස් කර ගැනීමේ අරමුණින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී අද දහවල් විරෝධතාවයක් පැවැත් වුණා.
එම විරෝධතාවය විසුරුවා හැරීම සඳහා පොලීසිය විසින් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබුණා.