News

කන්න බැරි කීරි සම්බා මෙට්‍රික් ටොන් ලක්ෂ 5ක් වරායේ

මිනිස් පරි​​භෝජනයට නුසුදුසු බවට සැක කෙරෙන සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ පහක් ව්‍යාපාරිකයකු විසින් ආනයනය කර ඇති බවට ලැබුණු පැමිණිල්ලක් මත කොළඹ වරායේ පරීක්ෂණ ආරම්භ කළ බව ශ්‍රී ලංකා රේගුව පවසයි.

පාකිස්තානයේ සිට කීරි සම්බා සහල් මෙට්‍රික් ටොන් පහක් මෙලෙස ආනයනය කර ඇත. දේශීය වෙළෙඳ ව්‍යාපාරිකයකු විසින් මෙම සහල් තොගය ආනයනය කර තිබේ.

මෙම සහල් භාවිතයට සුදුසු දැයි රජයේ රස පරීක්ෂකවරයා මගින් පරීක්ෂණයක් පවත්වන බව ශ්‍රී ලංකා රේගුව පවසයි. සහල් භාවිතයට නුසුදුසු නම් යළි පාකිස්තානයට යොමු කිරීමට පියවර ගැනීමටද තීරණය කර ඇත.

උදයජීව ඒකනායක