News

කපිල චන්ද්‍රෙස්න සහ බිරිදට ඇප

එයාර් බස් ගනුදෙනුවට අදාළව ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රෙස්න මහතා සහ ඔහු බිරිඳ වන නියෝමාලි විජේනායක මහත්මිය ඇප මත මුදා හැරීමට අද(04)කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේය.

එයාර්බස් සමාගමෙන් ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුවූ බව පැවසෙන අක්‍රමිකතාවයකට අදාළව මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන පසුගිය මස 19 වන දින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

එක් අයකුට රුපියල් ලක්ෂ 20 බැගින් වූ මුදල් ඇප සහ රුපිල් ලක්ෂ 200 බැගීන් ශරීර ඇප මත මොවුන් දෙදෙනා මෙසේ මුදා හැර තිබේ.

සැකකරුවන්ගේ විදෙස්ගමන්ද තහනම් කළ අතර සෑම මසකම අවසන් ඉරු දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුට ගොස් ප්‍රකාශයක් ලබා දෙන්නැයිද අධිකරණය නියෝග කර තිබේ.