News

“කරපටියා”ගේ ප්‍රහාරයෙන් වන සත්ව නියාමකවරයෙකු ජීවිතක්ෂයට

මහව,පොල්කටුවාව ප්‍රදේශයේ “කරපටියා” නැමති වන අලියෙකුගේ පාදයකට ප්‍රතිකාර කිරීමට ගිය අවස්ථාවේ එම අලියාගේ පහරදීමකට ලක්ව නිකවැරටිය පශු වෛද්‍ය ඒකකයට අනුයුක්තව සේවය කළ වන සත්ව නියාමකවරයෙකු මියගොස් ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ වන සත්ව නියාමකවරයෙකු වන බී.එම්.සී.කේ.බස්නායක නැමති අයෙකි.

පසුගිය 06 වනදා වන අලියකුගේ තුවාලයකට ප්‍රතිකාර කිරීම සදහා කුරුණෑගල වනජීවි සහකාර අධ්‍යක්ෂක කලාපයට අයත් නිකවැරටිය පශු වෛද්‍ය කාර්යාලයයේ නිළධාරීන් ගොස් තිබුණි.

එම අවස්ථාවේදී අලියා සිහිසුන්කර තුවාලයට ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව එම වනජීවී නිලධාරීන් ආපසු පැමිණෙමින් සිටියදී ප්‍රතිකාර කළ අලියා ඔවුන් පසුපස පන්නාගෙන විත් සත්ව නියාමකවරයාට පහරදී ඇත.

මෙම අලි ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ මීගලෑව,පොතාන ලිපිනයේ පදිංචිව සිටි බී.සී.එස්.කේ.බස්නායක නැමති වන සත්ව නියාමක නිලධාරියෙකි.