News

කලා අංශයෙන් දිවයිනේ ප්‍රථමයා වූ සිසුවිය ගැන බන්දුල කිව්ව දේට නාමල්ගේ අකමැත්ත

මෙවර උසස්පෙළ විභාගයේ කළා අංශයේ දිවයිනේම පළමු ස්ථානය ලබාගත් සිසුවිය ජාත්‍යන්තර පාසලකින් බිහිවූයේ කුමන්ත්‍රණයක් නිසා බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ඊයේ ප්‍රකාශ කළේය.

ඔහුගේ මෙම ප්‍රකාශය බොහෝ පිරිසකගේ විවේචනයට ලක් අතකෙරුණු අතර ඒ පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කරන්නේ යම් ගැටලුවක් ඇත්නම් එ් පිළිබඳව අවධානය යොමුකිරීමේදී ළමුන්ගේ සාර්ථකත්වයට හානියක් නොවන අයුරින් සිදුවිය යුතු බව ඔහු තම ට්විටර් ගිණුමෙන් සටහනක් තබමින් අදහස් දක්වා ඇත.

එසේම ජාතික මට්ටමේ විභාගයකට දරුවන් මුහුණ දීමේදී ඔවුන් දේශීය හා ජාත්‍යන්තර ලෙස බෙදා වෙන් කල යුතු ඔහු තවදුරටත් පෙන්වා දෙයි.