News

කලා ක්ෂේත්‍රයේ බරපතල බිඳ වැටීමක් – කිර්ති පැස්කුවෙල්

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව කලා ක්ෂේත්‍රයේ බරපතල බිඳ වැටීමක් සිදුව ඇති බව ශ්‍රී ලංකා ගායක ගායිකාවන්ගේ සංගමයේ සභාපති ගායන ශිල්පී කීර්ති පැස්කුවෙල් මහතා සඳහන් කරයි.

කලාකරුවන් බැංකුවලින් ලබාගෙන ඇති ණය මුදල් පවා පියවා ගැනීමට ඔවුන්ට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවත් මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා හමුවී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් ශ්‍රී ලංකා ගායක ගායිකාවන්ගේ සංගමයේ සභාපති ගායන ශිල්පී කීර්ති පැස්කුවෙල් වැඩිදුරටත් සඳහන් කළේය.