News

කළු ඇඳුමින් සැරසී කතෝලික ජනතාව දේවස්ථානවලට පැමිණේ

 

 

කළු ඇඳුමින් සැරසුන කතෝලික ජනතාව අද (07) දිවයින පුරා දේවස්ථානවලට පැමිණ තිබෙනු දැකගත හැකිව තිබූ අතර පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටුකරන්නැයි බලකරමින් එලෙස පැමිණ තිබේ.

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් විධිමත්ව යුක්තිය ඉටුවීමක් සිදුව නොමැති බැවින් කතෝලික අගරදගුරු පදවිය තීරණය කර තිබුනේ අද දින කළු ඉරිදාවක් ලෙස නම් කිරීමටය.

මේ අනුව කළු ඇඳුමින් සැරසී දේවස්ථානවල දේවමෙහෙයන් අවසානයේ ජනතාව දේවස්ථානයෙන් පිටතට පැමිණ පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉල්ලා නිහඬ විරෝධතාවයක් දක්වන ලෙසත් අගරදගුරු පදවිය සියලු කතෝලික දේවස්ථානවලට දැනුම් දී තිබේ.