News

කළු ඉරිදාවක් ප්‍රකාශයට පත්කරයි

එළැඹෙන ඉරිදා (7 වැනිදා) දිනය කළු ඉරිදාවක් ලෙස නම් කිරීමට කොළඹ අගරදගුරු පදවිය තීරණය කර ඇත.

පාස්කු ප්‍රහාරයට දෙවසරක් පිරීම මෙන්ම ප්‍රහාරය විමර්ශනය කළ කොමිෂන් සභා වර්තාවෙන් කතෝලික ජනතාවට සාධාරණයක් ඉටු නොවීම සම්බන්ධයෙන් මෙම තීරණය ගෙන තිබෙන බව පැවැසේ.

එදිනට කතෝලික බැතිමතුන් කළු වර්ණ ඇඳුමින් සැරසී දේව මෙහෙයන්ට සහභාගී වීමට නියමිතය.

නිලන්ත මදුරාවල