ක්‍රයිස්ට්චර්ච් නුවර ප්‍රහාරය ගැන ශ්‍රී ලාංකිකයෙක් කියූ කතාව
නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් නුවර සිදුවූ වෙඩි ප්‍රහාරයෙන් එරට සිටින කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට හානියක් වූ බවට වාර්තා වී නොමැති බව විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු සදහන් කරයි.
මෙම ප්‍රහාරය එල්ල වූ දේවස්ථානයට ඉතා ආසන්නයේ පිහිටි සිය සේවා ස්ථානයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයෙකු වන හේෂාන් පෙරේරා මහතා සිය අදහස් බීබීසී පුවත් සේවයට දක්වා තිබේ.
“මම ඒ වෙලාවේ පල්ලිය කිට්ටුව තියෙන මගේ ඔෆිස් එකේ හිටියේ. ප්‍රහාරයෙන් පස්සේ හැම ඔෆිස් එකක් ම ලොක් කළා. මගේ වයිෆ් වැඩ කරන්නේ ඉස්කෝලෙක. අපි හැමෝම ඔෆිස්වල හිර වුණා. දැන් ටිකකට කලින් තමයි අපිට ගෙදර යන්න ලැබුණේ. දැන් පාරේ ගොඩක් වාහන තදබදයක් තියෙනවා.”
හේෂාන් පෙරේරා සඳහන් කළේ නවසීලන්තය තුළ ත්‍රස්ත ප්‍රහාර වැනි සිද්ධි ඉතා විරල හෙයින් මෙම සිදුවීම නිසා එරට වැසියන් බෙහෙවින් තැති ගැන්මකට ලක්වූ බවය.
“මීට අවුරුදු 8කට කලින් මෙහෙ භූ කම්පනයක් ඇති වෙලා 200 දෙනෙක් විතර මැරුණා. ඒ කම්පනය තවමත් මෙහෙ මිනිස්සුන්ට තියෙනවා. ඒ අතරේ මේ වගේ ප්‍රහාරයක් එල්ල වුණ එක ඒ අයට ලොකු ෂොක් එකක්. සාමාන්‍යයෙන් නවසීලන්තයේ අපරාධ ක්‍රියා සිද්ධ වෙන්නේ හරි අඩුවෙන්,”
මේ අතර නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර මුස්ලිම් පල්ලියක සිදුවූ වූ විවෘත වෙඩි තැබීම පිළිබඳව ශ්‍රී ලංකාවද සිය කනගාටුව ප්‍රකාශ කර තිබේ.
අගමැති රනිල් වික්‍රමසිංහ, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසක් මෙසේ නවසීලන්තය වෙනුවෙන් සිය කනගාටුව ප්‍රකාශ කර තිබේ.
In the wake of the heinous attacks in Christchurch, I offer my condolences and support to New Zealand. It is a country with a strong history of peace, multiculturalism, and tolerance, and I have no doubt that its people will not allow this incident to undermine those values.
— Ranil Wickremesinghe (@RW_UNP) March 15, 2019
I was deeply saddened to hear the news of the unprecedented violent attacks on mosques in #christchurch #NewZealand. I would like to express my condolences to the families that lost loved ones. Our thoughts and prayers are with the people of New Zealand.
— Mahinda Rajapaksa (@PresRajapaksa) March 15, 2019