News

කාදිනල්තුමන්ගේ කලකිරීම සාධාරණයි

කාදිනල්තුමන්ගේ කලකිරීම සාධාරණයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සාධාරණයක් ඉටු නොවුණහොත් බෞද්ධයන් ලෙස යම් යම් තීරණයන්ට එළැඹීමට සිදුවන බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ පවසති. උන්වහන්සේ මේ බව සඳහන් කළේ කොළඹදී ඊයේ (5 වැනිදා) අදහස් දක්වමිනි.

කාදිනල්තුමන්ගේ කලකිරීම සාධාරණ යැයිද, ඇල්ලේ ගුණවංශ හිමියෝ සඳහන් කරති. තමන් වහන්සේගේ අවබෝධය පරිදි කොමිෂන් සභා වාර්තාවෙන් විශාල පිරිසකට චෝදනා එල්ල වී ඇතැයිද එක් පුද්ගලයකුට නොව ඒ සියලු දෙනාට නඩු පැවැරිය යුතු යැයිද උන්වහන්සේ කියා සිටිති.

පාස්කු ප්‍රහාරය එල්ල වී වසර 2 ක් වැනි කාලයක් ගතව තිබුණද එයට සාධාරණයක් ඉටුවී නොමැති බැවින් බෞද්ධ ජනතාව ලෙස කිතුනුවන් වෙනුවෙන් රජයට කරුණු දැක්විය හැකි බවද උන්වහන්සේ එහිදී පවසති.