News

කාන්තාවන් තිදෙනෙක්ට දිවි අහිමි කළ මාරක අනතුර

කාන්තාවන් තිදෙනෙක්ට දිවි අහිමි කළ මාරක අනතුර

නුවරඑළිය හග්ගල ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථයක් හා කන්ටේනර් රථයක ගැටී අද (01) දහවල් සිදුවු රිය අනතුරින් කාන්තාවන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

නුවරඑළියේ සිට වැලිමඩ දක්වා ගමන් කළ කන්ටේනර් රථය රියදුරාට පාලනය කරගැනීමට නොහැකිව ඉදිරියෙන් ගමන්කල ත්‍රීරෝද රථයක ගැටීමෙන් පසු ඒ මතටම පෙරලීයෑමෙන් අනතුර සිදුව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

අනතුරින් ත්‍රීරෝද රථයේ පසුපස අසුනේ ගමන් ගත් කාන්තාවන් තුන්දෙනෙකු මියගොස් ඇති අතර ඔවුන් අවුරුදු 51, 52 සහ 20 යන වයස්වල පසුවන බව වාර්තා වේ.

ත්‍රීරෝද රථයේ රියදුරු බරපතළ තුවාල ලබා නුවරඑළිය රෝහලට ඇතුළත් කර තිබේ.

කන්ටේනර් රථයේ රියදුරු වාහනය නවතා පළාගොස් ඇති අතර, ලොරි රථයේ සහයකයා මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර නුවරඑළිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.