කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්
ඉදිරි පැය කිහිපය තුළ සබරගමුව, බස්නාහිර සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තු සදහන් කරන්නේ ඉදිරි පැය 6ක කාලය තුළ මෙම කාලගුණ වෙනස්වීම සිදුවිය හැකි බවයි.
විවිධ ස්ථානවලට මි.මී. 75ට වැඩි තද වැසි ද බලාපොරොත්තු විය හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
ගිගුරුම් සහිත වැසි සමග පැයට කිලෝමීටර් 70ත් 80ත් අතර පමණ කෙටිකාලීන සුළං ද ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ.