News

කාලගුණයෙන් රතු නිවේදනයක්

දිවයිනේ පළාත් රැසකට ඉදිරියේදී අධික වැසි සහිත කාලගුණික තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එම දෙපාර්තමේන්තුව සදහන් කළේ හෙට (25) රාත්‍රී කාලය දක්වා මෙම වැසි තත්ත්වය පවතිනු ඇති බවයි.

විශේෂයෙන්ම බස්නාහිර, දකුණු, සබරගමුව සහ මධ්‍යම යන පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 200ට වැඩි තද වර්ෂාපතනයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේය.

වයඹ, උතුරු, ඌව හා නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර 100ට වැඩි තද වර්ෂාපතනයක් ඇති විය හැකි බවට කාලගුණ අංශ නිවේදනය කරයි.