News

කාලගුණේ තරමක වෙනසක්

උතුරු පලාතේ හැර දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල පවතින කාලගුණ තත්වයේ තරමක වෙනසක් හෙට(16) සිට 18 වන දින දක්වා බලපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අද(15) දිනයේදී බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පලාත්වලත් ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක ප.ව. 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල අද(15) රාත්‍රී කාලයේ දී වැසි ස්වල්පයක් ඇතිවිය හැක.

දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් තවදුරටත් පවතී.