කාලතුවක්කු උණ්ඩ 800 කට අධික ප්‍රමාණයක් ඒකල ප්‍රදේශයේන් සොයාගැනේ
ජා-ඇල, ඒකල ප්‍රදේශයේ වානේ කම්බි නිෂ්පාදනය කරන පෞද්ගලික කර්මාන්ත ශාලාවේ සිදු කළ සෝදිසි මෙහෙයුමකින් කාලතුවක්කු උණ්ඩ 800 කට අධික ප්‍රමාණයක් සොයා ගත් බව පොලීසිය සඳහන් කරයි.
එහි තිබී ටී 56 පතොරම් හිස් කොපු 100 කට අධික ප්‍රමාණයක් ද සොයා ගත් බව පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළ අතර මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරුක් මත ඊයේ පස්වරුවේ මෙම සෝදිසි මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත.