කාසල්රී ජලාශ රක්ෂිතය ගිනිගනී
කාසල්රී ජලාශ රක්ෂිතයේ අද (04) දහවල් ගින්නක් හටගෙන තිබෙන බව පොලීසිය සඳහන් කර තිබේ.
ගින්න හේතුවෙන් මේ වනවිට අක්කර දෙකක පමණ භුමි ප්‍රදේශයක් විනාශ වී තිබෙන බව වාර්තා වී ඇත.
මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින අධික වියළි කාලගුණයත් සමග කිසියම් පිරිසක් රක්ෂිතයට ගිනි තබන්නට ඇති බවට පොලීසිය සැක පළකරයි.