News

වතුර

කැලණිය සහ ගම්පහ ප්‍රදේශ කිහිපයකට හෙට ජල කප්පාදුවක්

කැලණිය සහ ගම්පහ ප්‍රදේශ කිහිපයකට හෙට (10) පෙරවරු 9.00 සිට පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි.

එහි ප්‍රකාශකයෙකු පැවසුවේ කැලණිය ගඟ දකුණු ඉවුරේ ව්‍යාපෘතිය, දෙක අදියරේ නව ජල නළ පද්ධතිය සම්බන්ධ කිරීමේ කටයුතු හේතුවෙන් එම ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට සිදුව ඇති බවයි.

එමෙන්ම වත්තල, මාබෝල, ජාඇල සහ කටුනායක, සීදුව නගර සභා බල ප්‍රදේශය, වත්තල, මහර සහ ජාඇල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය හා ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකට එලෙස ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි.