කැවුමාගේ නිවසේ තිබී මදුෂ්ගේ පියාගේ අවමංගල්‍ය උත්සවයේ දර්ශන ඇතුළත් CD තැටියක් හමුවෙයි
මාකදුරේ මදූෂ් නැමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයාගේ ගෝලයෙකු වන කැළුම් ඉන්දික සම්පත් නොහොත් “කැවුමා” නමැති අපරාධ කල්ලි සාමාජිකයාට අයත් බව කියන අදාළ නිවස තුළ තිබී මාකදුරේ මදුෂ්ගේ පියාගේ අවමංගල්‍ය උත්සවයේ දර්ශන ඇතුළත් සී.ඩී.තැටියක් සොයාගෙන ඇත.
එම නිවස තුළ විදෙස් රටක නිෂ්පාදිත පිස්තෝලයක්, ටී – 56 පතරොම් 2803ක් මිලිමීටර් නවය වර්ගයේ පතරොම් 91ක්, බෝර දොලහ වර්ගයේ පතරොම් 234ක් ද සොයාගෙන ඇති බව පොලීසිය සඳහන් කළ අතර රම්බෝ පිහියක්, අත්විලංගු දෙකක්, විවිධ පුද්ගලයින්ගේ ජාතික හැදුනුම්පත් 10ක්, ජංගම දුරකථන 25ක්, සිම් කාඩ්පත් 129ක් හා රුපියල් 31,830ක මුදලක් ද එම නිවස තුළ තිබී සොයාගෙන ඇත.