News

කැස්බෑ මස් සමඟ අයෙක් මාට්ටු

කැස්බෑ මස් කිලෝග්‍රෑම් 3යි ග්‍රැම් 185 ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

උතුරුමැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් වංකාලේයිපාඩු ප්‍රදේශයේ පාමුර සංචාරයක නිරතව සිටියදී සැකසහිත පුද්ගලයෙකු පරික්‍ෂාවට ලක්කිරීමෙන් ඔහු සතුව තිබී කැස්බෑ මස් කිලෝග්‍රෑම් 3යි ග්‍රෑම්185 ක ප්‍රමාණයක් සොයා ගත් බව නාවික හමුදාව සඳහන් කරයි.

සැකකරු සහ කැස්බෑ මස් තොගය නාවික හමුදා භාරයට ගෙන වැඩිදුර නීතිමය කටයුතු සඳහා අදාළ පුද්ගලයා නාවික හමුදා විසින් පේසාලේ පොලීසිය වෙත බාර දී ඇත.

පේසාලේ පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරගෙන යනු ලබයි.