News

කැස්ස, සහ උගුර ලෙඩවූවන්ට ගෙදර ඉඳන් බේත් ගන්න ඇප් එකක්

කැස්ස, උණ, උගුරේ ආබාධ සහිත රෝගීන් ‘My Health’ යෙදවුම(ඇප් එක) ඔස්සේ වීඩියෝ තාක්ෂණය මගින් වෛද්‍යවරයකු සම්බන්ධ කර ගැනීමේ වැඩපිළිවෙළක් සෞඛ්‍ය අමාත්‍යාංශය ආරම්භ කර ඇත.

මේ වන විට කොවිඩ් 19 වෛරසයේ රෝග ලක්ෂණ පෙන්නුම් කරන පුද්ගලයන්ට 1390 සහ 1990 යන දුරකථන අංකවලට කතා කර වෛද්‍යවරයකුගේ උපදෙස් මත රෝහල්ගතවීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.

‘My Health’යෙදවුම මගින්ද එම පහසුකම් ලබාදී ඇත්තේ ජනතාවගේ ඉල්ලීම්වලට කඩිනමින් විසඳුම් ලබාදීමේ අරමුණින් බවද ඔහු අවධාරණය කර සිටියි.

 

උදයජීව ඒකනායක