කෑමට පසු නින්දට පෙර බන්දුලගෙන් රනිල්ට ‘ආර්ථික අපගමනය’
අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ඔහු විසින් රචනා කළ ‘ආර්ථික අපගමනය’ නම් කෘතිය කියැවීම වෙනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදෙන බව පවසයි.
“කෑමට පසු නින්දට පෙර පොත කියවා අදහස් ප්‍රකාශ කරන්න” යැයි ඔහු එහිදී සඳහන් කළේය.
එමෙන්ම 2015 වසරෙන් පසුව ජාතික විධායක සභාව විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට වැරදි තොරතුරු ලබාදි ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.
2001දී සෘණ ආර්ථිකයක් ධන තත්ත්වයට පත්කිරිමට එවකට අගමැති ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතාට හැකියාව ලැබුණ බවත් බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
වත්මන් රජය විසින් ලබාගන්නා පොළී ණය තවත් වසර 10ත් 20ත් අතර කාලයක් තුළ ශ්‍රී ලංකාවට විශාල ණය බරක් දැරීමට සිදුවන බවත් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.