කින්සි පාරේ රථවාහන ගමනාගමනය සිදුකරන කාලසීමාව අද සිට වැඩි වෙයි
උදෑසන කාලයේ කොළඹ දෙසට ගමන් කරන රථ වාහන තදබදය අවම කිරීම සදහා හෝර්ටන් පෙදෙස කිංසිපාරේ එක් දිශාවකට පමණක් රථ වාහන ගමනාගමනය සිදුකරන කාලසීමාව අද (18) සිට වැඩි කිරීමට තීරණය කර ඇති බව පොලිසිය සඳහන් කරයි.
සෑම සතියේ දිනකම කිංසිපාර හංදියේ සිට කේරී විද්‍යාලය දක්වා පෙරවරු 7.30 සිට පෙරවරු 8.00 දක්වා කාලය තුළ එක් දිශාවකට පමණක් රථ වාහන ගමන් කිරීමට පොලීසිය පියවර ගෙන ඇති අතර කොළඹ දෙසට ගමන් කරන රථ වාහන තදබදය තවදුරටත් අවම කිරීමේ අරමුණින් අද සිට පෙරවරු 7.00 සිට 8.00 දක්වා එම මාර්ගයේ එක් දිශාවකට පමණක් රථවාහන ධාවනයට කටයුතු යොදා ඇති බව පොලිස් මූලස්ථානය සදහන් කළේය.