කිරලාගල දාගැබ මතට නැග්ග සිසුන් රු.50000ක දඩ මත මුදා හැරේ
කිරලාගල දාගැබ මතට නැග ඡායාරූප ගෙන සමාජ මාධ්‍යයට මුදාහැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි අග්නිදිග විශ්වවිද්‍යාලයේ සිසුන් 08දෙනා අද (05) වරද පිළිගෙන ඇත.
කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණයේදී අදාළ නඩුව යළි කැඳවූ අවස්ථාවේදි මෙලෙස වරද පිළිගැනීමෙන් අනතුරුව සැකකාර සිසුන්ට රුපියල් 50,000 බැගින් දඩ නියම කර මුදාහැරීමට මහේස්ත්‍රාත් මාලින්ද හර්ෂන ද අල්විස් නියම කර ඇත.
මෙලෙස දඩ නියමවූවේ අග්නිදිග විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිසුන් 8 දෙනෙකුට වන අතර ඔවුන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය ජනවාරි 23 වනදා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබුවා.