කිරිපිටි මිල අද සිට ඉහළට
ආනයනික කිරිපිටි මිල අද සිට ඉහළ දමා ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
එම අධිකාරිය සදහන් කළේ ග්රෑම් 400ක කිරිපිටි පැකට්ටුවක් රුපියල් 20කින් සහ කිලෝ 1ක කිරිපිටි පැකට්ටුවක් රුපියල් 50කින් ඉහළ දමා ඇති බවයි.
ඒ අනුව ග්රෑම් 400 ක් වු කිරිපිටි පැකට්ටුවක නව මිල වන්නේ රුපියල් 380ක් වන අතර, කිලෝ 1ක කිරිපිටි පැකට්ටුවක නව මිල රුපියල් 985ක් වේ.
