News

කිලි‍නොච්චියේදී ඇළකට වැටීමෙන් දරුවෙකු ජිවිත්ෂයට

කිලිනොච්චිය,ආනන්දපුරම් ප්‍රදේශයේදී ඇළකට වැටීමෙන් වයස අවුරුදු 12 ක දරුවෙකු ඊයේ (29) දහවල් ජිවිතක්ෂයට පත්ව ඇති බව කිලිනොච්චිය පොලිසිය පවසයි.

පොලිසිය පැවසූවේ ජල ගැලීම්වලට ලක්වු ප්‍රදේශයක දරුවෙකු සිය මිතුරන් සමඟ සෙල්ලම් කිරීමට යාමේදී ජලය ගලා ගිය ඇළට වැටී ජලයේ ගිලීමෙන් ජිවිතක්ෂයට පත්ව ඇති බව මූලික පරීක්ෂණයන්ගෙන් අනාවරණය වී ඇති බවයි.

කිලිනොච්චිය,ආනන්දපුරම් නැගෙනහිර ප්‍රදේශයේ පදිංචි ‍සෙල්ව විනෝදරන් නමැති දරුවෙකු ‍එලෙස ජිවිතක්ෂයට පත්ව ඇති බවද පොලිසිය පැවසීය.පොලිසිය පැවසූවේ දරුවාගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් කිලිනොච්චිය රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කොට ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

වවුනියාව – මාධව කුලසූරිය