අලවතුගොඩ, අකුරණ ප්රදේශයේදී දුම්කුඩු කිලෝ 110 කට අධික ප්රමාණයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අලවතුගොඩ පොලිසියට ලද තොරතුරකට අනුව සිදුකරන ලද වැටලීමකිදි මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර
වයස අවුරුදු 36ක් වූ සැකකරු අකුරණ, තෙලබුගහවත්ත ප්රදේශයේ පදිංචිකරුවෙකු වන බව පොලිසිය සඳහන් කරයි.