News

කිලෝ 68ක හෙරොයින් සමග සැකකරුවන් අත්අඩංගුවේ

හෙරොයින් කිලෝ 68ක් සමග සැකකරුවන් දෙදෙනෙකු මාතර හක්මන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. ඊට අදාළ වැටලීම මාතර කොට්ඨාස දුෂණ විමර්ශන ඒකකය විසින් සිදුකර ඇති බව සඳහන්ය.

පොලීසයට ලද තොරතුරක් මත මෝටර් රථ දෙකක් අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී ප්‍රවාහනය කරමින් තිබූ හෙරොයින් කිලෝ ග්‍රෑම් 20ක ප්‍රමාණයක් සොයාගෙන ඇත.

පසුව කළ විමර්ශන වලදී තවත් හෙරොයින් කිලෝ ග්‍රෑම් 48ක ප්‍රමාණයක් සොයාගෙන තිබේ.

වැටලීම සිදුකරන අවස්ථාවේදී තවත් පුද්ගලයකු පලාගොස් ඇති අතර මේ වන විට ඔහු සොයා විමර්ශන අරඹා ඇත.