News

කිලෝවකට රුපියල් 25යි – රතුලූනු ගොවියා හාන්සියි

රතුලූනු කිලෝ ග්‍රෑමයක් වෙනුවෙන් ගොවීන්ට ගෙවන මිල 25 – 30 අතර මුදලකට පහත වැටීම නිසා ගොවීන් දැඩි අසරණ තත්ත්වයකට පත්ව ඇති බව වාර්තා වේ.

මේ දිනවල යාපනය, අනුරාධපුර, කල්පිටිය, හා මාතලේ සේම අනෙකුත් දිස්ත්‍රික්කවලින් රතු ලූනු අස්වැන්න වෙළෙඳපොළට පැමිණීම ආරම්භ වී ඇත.

විදේශ රටවල බී ලූනු කිලෝවක මිල රුපියල් 50ක් දක්වා අඩු වීමත් සමග රතු ලූනු මිල පහත වැටීමට හේතු වී තිබේ. එහෙත් ආනයනික රතු ලූනු සඳහා බද්දක් පනවා නොමැති නිසා කොළඹ හතරවැනි හරස් වීදියේ තොග වෙළෙඳසල්වල රතු ලූනුවල තොග මිල කිලෝවක් රුපියල් 60 දක්වා පහත බැස තිබේ.

චමින්ද සේනාරත්න