News

කිසිදු මැතිවරණයකට එජාපය බය නෑ – නවීන් දිසානායක

එක්සත් ජාතික පක්ෂය ඉදිරියේදි පැවැත්වෙන කිසිදු මැතිවරණයකට බිය නොවන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය හා එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නවින් දිසානායක මහතා සඳහන් කරයි.

කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය මගින් අඹගමුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ කුඩා තේ වතු හිමියන් 380 දෙනෙකුට පාංශු සංරක්ෂණය සඳහා රු ලක්ෂ 6ක චෙක්පත් බෙදා දිමේ උත්සවය ඊයේ (25) ගිනිගත්හේන සමුපකාර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයෙන් අනතුරුව පැවති ජන හමුවේදි නවින් දිසානායක මහතා ඒ බව ප්‍රකාශ කළේය.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා

මුදල් අමාත්‍යවරයා මෙවර අයවැයෙන් ජනතාවට සහන රැසක් ලබාදෙන බවට මා තුළ දැඩි විශ්වාසයක් තියෙනවා. එමෙන්ම මුලින්ම පවත්වන්නේ ජනාධිපති මැතිවරණයක් එම මැතිවරණයට මුහුණ දිමට එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් බව ඔහු පැවසිය.

දුෂිතයන්ට,සොරුන්ට සහ බේබද්දන්ට පාර්ලිමේන්තුව නියෝජනය කිරිමට කථික බලය ලබාදෙන්නේ මේ රටේ ජනතාව බවත් ඒ සඳහා ජන්ද දායකයාට අයිතියක් තිබෙන බවත් අමාත්‍ය නවින් දිසානායක මහතා පැවසිය.