News

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක අභාවප්‍රාප්ත වෙයි

කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක මහතා ඊයේ (05) අභාවප්‍රාප්ත විය.

කොළඹ පෞද්ගලික රෝහලකදී ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ ඒ මහතා හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් පසුගියදා රෝහල්ගත කළ අතර මියයන විට 61 වන වියේ පසු විය.