News

කුරුණෑගලට සහ හෙට්ටිපොළට විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක්

කුරුණෑගලට සහ හෙට්ටිපොළ යන ප‍්‍රදේශ වල සිටින පොලිස් නිලධාරීන්ට අමතරව තවත් විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් පොලිස් මූලස්ථාන විසින් අනුයුක්ත කර ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

මෙවැනි සිද්ධීන් තවදුරටත් ඇතිවීම වළක්වා ගැනීමට සහ සිදුව ඇති සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශන කිරීම සඳහා මෙම විශේෂ පොලිස් කණ්ඩායම් අනුයුක්ත කළ බව ඒ මහතා සඳහන් කල අතර නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකු , පොලිස් අධිකාරී සහ සහකාර පොලිස් අධිකාරිවරුන් අට දෙනෙකු ඇතුලු පොලිස් කණ්ඩායම් කිහිපයක් මෙලෙස අනුයුක්ත කර ඇති බවද රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.